FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ නිරිතදිග කොටසට අද සහ හෙට වැසි..

දිවයිනේ නිරිතදිග කොටසට අද(25) සහ හෙට(26) තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 50 – 70 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ ප්‍රකාශ කරන ලදි.