FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂට සති දෙකකට විදේශ ගතවීමට මහාධිකරණයෙන් අවසර..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන 28 සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා සති දෙකක කාලයක් ඉතාලියට යාමට කොළඹ මහාධිකරණය අද(25) අවසර ලබාදෙන ලදි.

යෝෂිත රාජපක්ෂ නීතිඥයන් මගින් ඉල්ලා තිබුනේ පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යාමට අවසර ලබාදෙන ලෙසයි.

මෙම නියෝගය කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට දන්වා විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙසට මහාධිකරණය නියෝග කළ අතර මෙම නියෝගය ආගමන විගමන පාලකට සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකට දැනුම් දෙන ලෙසට ද මහාධිකරණය දන්වා තිබේ.