FAST NEWS

24×7 Around the Globe

ඔසරි පොට ඇල්ලීමට පාසල් දැරියන් ගැනීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්..

මංගල උත්සවයකදී දිගම ඔසරි පොට සහිත සාරිය හැඳ ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා පාසල් දැරියන් 250 දෙනෙකු යොදා ගැනීමේ සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම පරීක්ෂණය සඳහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පළාත් අධ්‍යාපන නිලධාරීන් කැදවා ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබදව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද වාර්තාවක් කැදවා තිබු අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මහනුවර – අලවතුගොඩ – සරත් ඒකනායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් 250ක පමණ පිරිසක් මෙම කටයුත්ත සඳහා යොදාගෙන තිබුනි.