ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධුරය නිත්‍යානුකුල නොවන බවට තීන්දු කරමින් ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝග කරමින් ඇය විසින් ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(25) විභාගයට ගැනීමට නියමිතය.
ඒ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය.








