FAST NEWS

24×7 Around the Globe

update: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්ඩංගුවට..

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මීට සුලු මොහොතකට පෙර පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ. 

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා කියාසිටියේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට..

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවා තිබේ.

පොලිසිය කියාසිටියේ 2015 ජනවාරි මස 5 වනදා කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද බව කියන සිද්ධියට අදාළ විමර්ශණයේදී යම් යම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාගන්නා බවයි.

මේ වන විට ඔහුගෙන් අදාළ ප්‍රකාශය ලබා ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කරන ලදි.