නීතිවිරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් දිල්ලිය බලා රැගෙන යාමට තැත්කළ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශ අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා රේගුව පැවසුවේ ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 97කට ආසන්න විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට ගත් බවයි.
භාවිත කරන ලද ඇඳුම් දැමූ අත්බෑගයක සඟවා තිබියදී මෙම මුදල් තොගය සොයාගැනුණි.
සැකකරු 51 හැවිරිදි අයෙක් වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.








