FAST NEWS

24×7 Around the Globe

පොල් මිල අර්බුදය විසඳීමට රජය මැදිහත් වනවා..

පොල් මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වන බව අමාත්‍ය වජිර අබේවර්ධන කුරුණෑගල දී මාධ්‍ය අමතමින් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පොල් මිල ඉහළයාමට හේතු රැසක් බලපා ඇති බවයි.

පොල් නිෂ්පාදන කරනු ලබන ප්‍රදේශවලට බලපා ඇති නියං තත්ත්වයන් පොල් මිල අර්බුදයට හේතුවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කියා සිටියේය.