FAST NEWS

24×7 Around the Globe

වතු කම්කරුවන්ට අක්කරය බැගින් ඉඩම් ලබාදීමට කටයුතු කරනවා..

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවරදී අද (24) මාධ්‍ය අමතමින් පැවැසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජාතීන් වශයෙන් හා ආගම් වශයෙන් බෙදි රටේ අනාගතය ශක්මත් කළ නොහැකි බවයි.

ඉදිරි මැතිවරණයේ දී අමාත්‍ය මනෝ ගනේෂන් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරිම සඳහා කටයුතු කරන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී සඳහන් කලේය.

මේ අතර වතු කම්කරුවන්ට ඉදිරියේදී සහන රැසක් ලබාදෙන බව ද ඔහු මෙහිදීකියා සිටියේය.

ඒ අනුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල තවදුරටත් කියා සිටියේ වතු ආශ්‍රිතව ඇති මුඩු ඉඩම් හඳුනාගෙන ඉන් වතු කම්කරුවන් වෙත අක්කරය බැගින් ඉඩම් ලබාදීමට කටයුතු කරන බවයි.