FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට සෑම සහයක්ම ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි..

සමෘද්ධිය සහ සහජීවනයෙන් පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට සෑම සහයක්ම ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතේරස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කලේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් බින් රාද් අල් හුසේන් කුමරු හමු ද හමුවිය.