FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ නිල නිවසට ගිය පුද්ගලයා බන්ධනාගාරයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසට තියුණු ආයුධයක් රැගෙන ඇතුළු වීමට තැත් කිරීමේදී ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ද ප්‍රධාන අධිකරණයෙන් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි යැයි පැවසෙන 30 හැවිරිදි හෝටල් සේවකයෙකු වන සැකකරු කලක් පැවිදිව සිට උපැවිදි වූවෙකු බව ද අධිකරණයේදී අනාවරණය විය.

(DE සිල්වා)