FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මැදිරි ශුද්ධ පවිත්‍ර කිරීම පෞද්ගලික අංශයට..

දුම්රිය මැදිරි ශුද්ධ පවිත්‍ර කිරීම පෞද්ගලික අංශයට පැවරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර මේ නිසා මාසයකට රු. ලක්ෂ 72ක මුදලක් වැය කිරීමට සිදුවන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පෙන්වා දෙයි.

එ අනුව මෙ වන විට දෙපාර්තමේන්තු සේවකයන් විසින් සිදුකරන මෙම මැදිරි පිරිසිදු කිරීම හා සේදීම,කොන්ත්‍රාත් පදනම මත වසර 03 ක් සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට පියවර ගනිමීන් සිටින බව පැවසේ.

සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථාවක දී මෙසේ සැලසුම් කර තිබූ නමුත් තම සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු වූ බවය.

එසේම දුම්රියේ වර්තමාන පාඩුව වසරකට රු. මිලියන 700ක් වන අතර මැදිරි පිරිසිදු කිරීම පෞද්ගලික අංශයට පැවරීමට සූදානම් වන්නේ මෙවන් පසුබිමක් තුළ බවද එම පෙරමුණ පෙන්වා දෙයි.

(DE සිල්වා)