FAST NEWS

24×7 Around the Globe

සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන්ගේ සායනික පුහුණව ඉල්ලා පේරාදෙණීයෙන් විරෝධයක්..

සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන්ට මහනුවර මහ රෝහලෙන්, පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලෙන් සායනික පුහුණු පහසුකම් ලබා නොදෙන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු පරිපාලනයට එරෙහිව සමස්ත විශ්වවිද්‍යාල හා එක්ව දැවැන්ත විරෝධතාවක් සංවිධාන කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියයි.

සම සෞඛ්‍ය විද්‍යා පීඨය ආරම්භ කර වසර 11ක කාලයක් ගතවී ඇති නමුත් මේ දක්වා එහි සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ කුරුණෑගල, හලාවත, වැලිසර හා කොළඹ වැනි පේරාදෙණියට දුර බැහැර ප‍්‍රදේශවල රෝහල්වලින් යැයි එම සංගමය පෙන්වා දෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට සෙසු දුර බැහැර රෝහල් කරා සිසුන් සිය සායනික පුහුණුව වෙනුවෙන් පිටත් වීමේදී කාලය මෙන්ම මුදල් ද විශාල වශයෙන් නාස්තිවන බවද එම සංගම වැඩි දුරටත් පෙන්වා දෙයි.

(DE සිල්වා)