FAST NEWS

24×7 Around the Globe

ඔසරි පොට ඇල්ලිම සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශනයක්..

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී ඊයේ(21) පැවති මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

‍මෙම මංගල උත්සවය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් සිය විරෝධය පළ කර තිබුණි.

(DE සිල්වා)