මුතුරාජවෙල වගුරු බිමට කැළි කසළ බැහැර කිරීම් අත්හිටුවමින් අධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය නොවැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) නියෝග කළේය.
මුතුරාජවෙල පරිසර සංවිධානය හා ප්‍රදේශවාසීන් තිස්පස් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම කැඳවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළේය.
කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ල වී ඇති ඔවුහු සිය පෙත්සම මගින් අවධාරණය කරති.
එය සැලකිල්ලට ගත් අධිකරණය මුතුරාජවෙල වගුරු බිමට කැළි කසළ බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් මීන් පෙර නිකුත් කර තිබුණී.
(DE සිල්වා)








