FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය ධාවනයට කොළතැන්නෙදී බාධා..

අද (22) උදෑසන බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ,කොළඹ සිට වැලිමඩට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් දුම්රිය මාර්ගයට කඩා වැදීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ වන විට කන්ටේනර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කර දුම්රිය මාර්ගයේ හානිවී තිබෙන සිල්පර කොට යථාතත්වයට පත් කරමින් සිටින බවද දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)