FAST NEWS

24×7 Around the Globe

කෝටි 08 ඉක්මවු විදේශ මුදල් සමග යුවලක් කටුනායකදී අත්අඩංගුවට..

රුපියල් 08 කෝටි 80 ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඊයේ (21) රේගු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවළ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් කාන්තාවගේ වයස අවුරුදු 22 කි සහ සැමියාගේ වයස අවුරුදු 24 ක් වන අනාවරණ වී ඇති බව රේගුව පවසයි.

ඔවුහු සුපිරි ව්‍යාපාරිකයන් විසින් ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑම සදහා මුදල් ගෙවා ලබා ගන්නා ” සිල්ක් රූට්” (Silk Route) මාර්ගය ඔස්සේ ගුවන් යානය වෙත යෑමට පැමිණෙමින් සිට ඇති බවද රේගුව වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)