FAST NEWS

24×7 Around the Globe

බදුල්ලේ පාසල් 19 ක් නාය යෑමේ අවධානමක..

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 19 ක් නාය යාමේ දැඩි අවදානමක පවතින බව ජාතික ගොඩැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා මගින් තහවුරු වී ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඌව පළාත් සභා රැස්වීමට එක්වෙමීන් සඳහන් කර සිටියේය.

අදාළ පාසල්වල ඉගෙනුම ලබන 7168 ක් පමණ වූ දරු දැරියන්ගේ හා 424ක් වන ගුරුවරුන්ගේ ආරක්‍ෂාව හා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා කඩිනම් පියවරක් ගත යුතු බවට යෝජනාවක්ද මන්ත්‍රීවරයා ඉකුත් සභාවාරයට ඉදරිපත් කර තිබේ.

(DE සිල්වා)