FAST NEWS

24×7 Around the Globe

ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන අරවින්දගෙන් පැමීණීල්ලක්..

සිය නම භාවිත කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බවත් එහි තමා පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළ කරන බව සඳහන් කරමින් අරවින්ද ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ගොස් ඇති අතර එහිදි එම නිළධාරීන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට මෙම පැමීණල්ල ඉදිරිපත් කරන ලෙසට දැනුවත් කර තිබේ.

ඉන් අනතුරව ඔහු සිය පැමිණිල්ල ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)