FAST NEWS

24×7 Around the Globe

එප්පාවල තරුණයාට මරණ දඬුවම් 04 ක් නියම වෙයි..

2010 වසරේ ජූලි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයක ඵප්පාවල සදරැස්ගම එකම පවුලේ සිව්දෙනකු අත් පොරවකින් කපා කොටා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පවුලේ ඥාති පුත‍්‍රයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ අද (21) මරණ දඬුවම නියම කළේය.

මෙසේ මරණ දඩුවම නියම වූයේ එකම පවුලේ පියාට, මවට ,දියණියට සහ පුතාට අත් පොරවකින් කොටා ඝාතනය කළැයි අධිචෝදනා ලබා සිටි එප්පාවල ඇදගල මිහිදුපුර පදිංචි විතානගමගේ දිනූක ලක්මාල් නැමැති 28 හැවිරිදි තරුණයකුටය.

එ අනුව අධි චෝදනා හතරට වෙන් වෙන්ව විත්තිකරුට මරණ දඩුවම් හතරක් නියම කෙරිණ.

(DE සිල්වා)