FAST NEWS

24×7 Around the Globe

දැදුරු ඔය පාලම 25 සිට 30 දක්වා වැසේ..

කුරුණෑගල – පුත්තලම (A 010) මාර්ගයේ පිහිටි අංක 75/1 දැදුරු ඔය පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ලබන 25 වන දින පෙරවරු 6.00 සිට 2017.11.30 වන දින පස්වරු 6.00 දක්වා එම පාළම ගමනාගමන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධ්‍යක්ෂවරයා නිවේදනය කර සිටියේය.

ඉහත සඳහන් කාලය තුළ යතුරුපැදි ත‍්‍රීරෝද රථ ඇතුළු සියලු සැහැල්ලූ වාහන සඳහා පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ බලල්ල හරහා නිකවැරටිය ඇලවක හන්දිය (ඩිපෝ හන්දිය) මාර්ගය භාවිත කළ හැකි බව එම නිවේදනයෙහි සඳහන්.

එසේම බර වාහන සඳහා පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ දළඳාගම හරහා නිකවැරටිය මාර්ගය ද භාවිතා කරන ලෙස කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධ්‍යක්ෂවරයාගේ නිවේදයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)