නව ව්‍යවස්ථාවක් යටතේ උපරිම බලය බෙදීමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්පුර්ණයෙන්ම එකග බවත් , නමුත් ජනාධිපති ධූරයේ අවශ්‍යතාවද ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අදහස වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස් දැක්වීමේදී සඳහන් කර සිටියේය.
එමෙන්ම නව ව්‍යවස්ථාව තුළින් සෙනෙට් සභාවක් පිහිටුවීමටත් එහි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර 02 ක් ලබාදිය යුතු බවට වන යෝජනාවක්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් අතුරු වාර්තාවට ඇතුළත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
එසේම අමාත්‍ය ධුර සංඛ්‍යාව සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තීරණය කළ යුතු බවත් අමාත්‍යාංශ විෂයන් වෙනස් කළ නොහැකි ආකාරයට ඇතුළත් කළ යුතු බවට වන යෝජනාවක්ද ඇතුළත් කළ බව එ මහතා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.
(DE සිල්වා)








