FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පිළිබඳ විශේෂ නිවේදනයක්..

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සදහා සෞඛ්‍යය අමාත්‍යංශයේ අනුමැතිය යටතේ නව බැංකු ගිණුමක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යංශයෙන් ඊට ලබාදෙන මුදල් එම ගිණුමට බැර කර ඇති බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මෙම රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල නමින් පවත්වාගෙන යනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා රජයට කරන ලද පරිත්‍යාග ඇගයීම වෙනුවෙන් මිස රෝහලෙහි අයිතිය ඔහු සතු නිසා නොවන බව ද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

පසුගිය සතියේ ඇතැම් දේශපාලනඥයින් වෛද්‍ය නෙවිල් ප්‍රන්නාදු රෝහලේ බැංකු ගිණුම් සහ මුල්‍ය භාවිතය පිළිබදව මාධ්‍යයට විවිධ ප්‍රකාශ සිදු කර තිබු බවත් ,ඒ හේතුවෙන් ජනතාව තුල වැරදි මතයක් නිර්මාණය වීම වැළැක්වීමේ අරමුණීන් මෙම නිවේදනය නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

(DE සිල්වා)