FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ඉදිරිපත් කෙරේ..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව එම කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(21)පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් පත් කළ අනු කමිටු 6 හි වර්තා සහ මහජන අදහස් විමසීමේ ලාල් විජයනායක වාර්තාව පදනම් කරගෙන මෙම අතුරු වර්තාව සකස් කර තිබේ.

මෙම අතුරු වාර්තාව පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉන්පසුව අවසන් වාර්තාව සකස් කිරීමට නියමිතය.

(DE සිල්වා)