FAST NEWS

24×7 Around the Globe

දෙමළ ජාතික සන්ධානය ජනමත විචාරණයක් ඉල්ලයි..

රටේ අනෙකුත් මැතිවරණ පැවැත්වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කර තිබේ.

උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභාවල මැතිවරණ එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්විය හැකි බවට ඇතිව තිබෙන දේශපාලන ප්‍රචාර හමුවේ දෙමළ ජාතික සන්ධානය මේ බව ආණ්ඩුවට දැනුම් දී ඇති බව රජයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉහත කී පළාත් සභාවල මැතිවරණ පැවැත්වීම හා ඉනික්බිති පළාත් පාලන මැතිවරණ පැවැත්වීම හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අවශ්‍යතාව සඳහා අයහපත් බලපෑම් එල්ල විය හැකි බවද එම සන්ධානය පෙන්වා දී ඇති බවත් පැවසේ.

(DE සිල්වා)