අද (21) දිනය තුල බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් සහ වයඹ පළාතේ සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවද කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඌව පළාතේ සහ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්.
මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාදුරුඔය ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
(DE සිල්වා)








