FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන කෙටුම්පතට පළාත් සභා අනුමැතිය අනවශ්‍ය බව නිතීපති දැනුම් දුන්නා..

පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බව නිතීපතිවරයා ලිඛිතව දැනුම් දි ඇති බව කථානායක කරු ජයසුරිය පාර්ලිමේන්තුවට අද (20) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පලකිරිම හේතුවෙන්.පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්ත්වයක් ඇති වු අතර , එ අනුව පක්ෂ නායක රැස්විමක් පැවත්විම සදහා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගත්තේය.

ඉන් අනතුරුව පස්වරු 1.30 පාර්ලිමේන්තුව යලි රැස්වු අවස්ථාවේදි කථානායකවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම් දී සිටියේ මෙම පනත් කෙටුම්පතට මැතිවරණ ආංශික අධික්ෂණ කාරක සභාවේද අනුමැතිය හිමිව ඇති බවය.

(DE සිල්වා)