FAST NEWS

24×7 Around the Globe

ඌවට හා නැගෙනහිරට වැසි..

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක අද (20) සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එහි සදහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාළණවිද්‍යා දෙපාර්තුමේන්තුව සිය නිවේදනය මගින් කාරුණිකව ඉල්ලා සිටියි.

(DE සිල්වා)