රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන මස 04 වැනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
පසුගිය ජුලි 21 වැනිදා පැවති විරෝධතා පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී රුපියල් ලක්‍ෂ 15කට ආසන්න රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගත කර සිටියි.
(DE සිල්වා)








