FAST NEWS

24×7 Around the Globe

පැය 48 ක දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි..

අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු පැය 48 ක වර්ජනය අත්හිටුවිමට තිරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය මාධ්‍ය වෙත සඳහන් කළේය.

සිය ඉල්ලීම සම්බන්ධව අගමැති ලේකම් සමන් ඒකනායක මහතා සමඟ අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී මෙම ශ්‍රේණි සඳහා තෘතියික මට්ටමේ වැටුප් තල ලබා දීමට දුන් ලිඛිත පොරොන්දුව අනුව මෙම වැඩවර්ජනය අත්හිටවු බවද එම සන්ධානය වැඩි දුරටත් පවසයි.

වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන දුම්රිය රියදුරු නියාමක ස්ථානාධිපති සහ දුම්රිය පාලක විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමීතන සිටියේය.

(DE සිල්වා)