FAST NEWS

24×7 Around the Globe

දුම්රිය අද මධ්‍යම රාත්‍රීයේ වර්ජනයනයකට යයි..

වැටුප් විෂමතා ගැටලුව සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය දක්වා අද (20) මධ්‍යම රාත්‍රී සිට පැය 48 ක වර්ජනයකට එලඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේය.

දුම්රිය රියදුරු ,නියාමක ,පාලක සහ ස්ථානාධිපතිවරු මෙම වර්ජනයට එකතු වන බවත් එම සංගමය සඳහන් කළේය.

(DE සිල්වා)