FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමෙන්තු කටයුතු අත්හිටුවයි – පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..

පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට අවස්ථාවේ සභාවේ උණුසුම් තත්වයක් ඇති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු අද (20) දහවල් 12.00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

අද විවාදය අතර තුර සංශෝධන සම්බන්ධයෙන් පළාත් සභා දැනුවත් විය යුතු බවට මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන් අතර එහිදී කතානායකවරයා සඳහන් කළේ එසේ අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් දහවල් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරය සමඟ සාකච්ඡා කර තීරණයක් ලබාදිය හැකි බවද කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

විවාදය පසුව ආරම්භ වීමෙන් අනතුරුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, පක්ෂ නායක රැස්වීමට විරෝධයක් නොමැති බවත් පක්ෂ නායක රැස්වීමක් තැබීමට සභාව තාවකාලිකව අත් හිටුවීමට කටයුතු කිරීම කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් කතානායකතුමා විසින් තීරණය කළ යුතු බවත්ය.

(DE සිල්වා)