FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡා අසාර්ථකයි හෙට මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වර්ජනයක්..

හෙට (20දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48 ක දුම්රිය වැඩ වර්ජනයක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතාවන් පිළිබඳව වැටුප් කොමිෂම සමග සාකච්ඡා කර අද (19) දිනය තුළ විසඳා ගැනීමට උත්සාහ කළත් බලධාරීන් එයට නිසි ප්‍රතිචාර නොදැක්වූ බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

මේ අනුව හෙට (20) මධ්‍යම රාත්‍රී 12.00 රියදුරන් නියෝජනය කරන සංගම් 03ක නියෝජිතයන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් සේවයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබේ.

(DE සිල්වා)