FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් පනත 21 වැනිදා විවාදයට නොගැනේ..

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදක් ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය එළඹ තිබේ.

එසේම අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන දිනයක් සම්බන්ධයෙන් දැනට තීන්දුවක් ගෙන නොමැති බවද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

(DE සිල්වා)