FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට වැසි..

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේ සිහින් වැසි වාර ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)