FAST NEWS

24×7 Around the Globe

ගුරු හා විදුහල්පතිවරු 21 වැනිදා ලෙඩ වෙති..

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා ගුරු හා විදුහල්පතිවරුන් නියෝජනය වන වෘත්තීය සමිති 15 ක් 21 වැනි දින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තිරීණය කර තිබේ.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එක්ව ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මෙ බව ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් නිසා 21 වැනිදා පාසල් පද්ධතියේ වැඩකටයුතු අඩපණ වන බවත්, සයිටම් ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවට දිනෙන් දිනම ප්‍රමාද කරන නිසා මෙම වැඩවර්ජනය දියත් කරන බවද හෙතෙම පවසා සිටියේය.

(DE සිල්වා)