FAST NEWS

24×7 Around the Globe

අහංගම ගොඩනැගිල්ලක් කඩා වැටි 05 කට තුවාල..

අද (18) පෙරවරුවේ අහංගම නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව අහංගම පොලීසිය පවසයි.

නව ඉදිකිරීමක් වන මෙම ගොඩනැගිල්ල තට්ටු පහකින් සමන්විත වන අතර එහි සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවට සැකකරන පුද්ගලයෙකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොලිසීය පැවසීය.

(DE සිල්වා)