FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද රථවලට මීටර් සවි කර ගැනීමට සහනයක්..

ත්‍රිරෝද රථවලට මීටර් සවිකර ගැනීම සඳහා දෙසැම්බර් 31 වැනිදා දක්‌වා සහන කාලයක්‌ ලබාදීමට තීරණය කළබව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ත්‍රිරෝද රථ සංගම් කීපයක්‌ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ සහන කාලය ලබාදීමට නියෝග කර තිබේ.

මීට පෙර ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම සහ ගමන් ගන්නා මගියාට රිසිට්‌ පත් නිකුත් කිරීම ඔක්‌තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට ගැසට්‌ නිවේදනයක්‌ද නිකුත් කර තිබිණි.

(DE සිල්වා)