විදුලිබල වෘත්තීය සමිති විසින් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා දහවල් සිට ආරම්භ කළ වැඩ වර්ජනයට විදුලි අධිකාරිවරුන් හා සහකාර ඉංජිනේරුවරුන්ද සහාය පළ කර ඇති බව ලංකා විදුලි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම තම ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ගෙන යාමට සූදානමින් සිටින බවද එම මහතා පැවසීය.
විදුලි බල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරයට වැටුප් ගෙවීමේදී බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදුවන බවට පවසමින් මෙම වර්ජනය ආරම්භ කළේය.
(DE සිල්වා)








