FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනය අතහැර දැමීමට ආණ්ඩුවෙන් තීරණයක් !

එළඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබු සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීමේ අදහස අතහැර දැමීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.

එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මත කිරීමකට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇතැම් නීදි විශාරදයින් රජයට දැනුම්දී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට තීරණය වී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)