FAST NEWS

24×7 Around the Globe

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ වර්ජන සේවකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු..

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ වර්ජනයේ නිරත සේවකයින්ට, වර්ජනයේ නිරත වු දින දෙක සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම වර්ජනයේ යෙදුනු පිරිසට හෙට(18) දිනයේ සේවයට වාර්තා කරන ලෙස ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.