FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

ඉදිරි දින තුන තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින වටා සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගයේ වැඩිවීමත් සමග මුහුද රළු විය හැකි බවයි.

ඒ අනුව දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටෙක පැයට කිලෝමීටර් 80 දක්වා වැඩි විය හැකි බවද එම නිවේදනයේ සදහන් වේ.