බණ්ඩාරවෙල – බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
බෝගහකුඹුර පොලීසිය ප්‍රකාශ කළේ අද(16) උදෑසන 6ට පමණ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඇතුළුවීමේ දොරටුව අසළ ආරක්ෂක කුටියේ සේවයේ නිරතව සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන ඇති බවයි.
මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි අම්පාර, වීරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.








