FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධී රථ පෙළපාලියට එරෙහි පොලිසීයේ ඉල්ලිම ඉවතට..

කොළඹ ලිප්ටන් වටරවුම දක්වා පැමීණෙන සයිටම් විරෝධී රථ පෙළපාළිය බොරැල්ලට ඇතුළුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය.

මෙම පෙළපාලිය බොරැල්ල හරහා කොළඹට ළඟාවීමේදී මහජන පීඩාවක් ඇතිවීම වළක්වාලීම සඳහා පොලිසීය මෙම අතුරු තහනම් නියෝගය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

යම් වරදක් සිදුකරන්නේ නම් රටේ නීතිය හා පනත් අනුව එම වරදවල් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට පොලිසියට ඇති බලය පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)