FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයෝ අඛණ්ඩ වර්ජනයකට යති – අමාත්‍යාංශයෙන් සේවකයින්ට රතු එළි දල්වයි..

විෂය භාර අමාත්‍යවරයා සමග ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවේදි තම ඉල්ලීම්වලට නිසි විසදුම් ලබාදීමට අපොහොසත් වූ බැවින් අද (15) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවා කාලය තුළ සිටින සියලූම සේවකයින් අද පෙරවරු 8.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන්ම වාර්තා කළයුතු බවත්, එසේ සේවයට වාර්තා නොකරන එම සේවකයින් සේවය අතහැර ගියාසේ සලකන බවයි අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

විදුලි සේවකයින් ඉකුත් බදාදා (13) මෙම වැඩවර්ජනය ආරම්භ කළේ පැය 48 ක කාලයක් සදහායි.

(DE සිල්වා)