FAST NEWS

24×7 Around the Globe

මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව සයිටම් අසාදු ලේඛනයට දමයි..

මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර තිබේ.

එ අනුව සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන එම අසාදු ලේඛනයට අන්තර්ගත කර ඇත.

ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකෙන බවත් සඳහන්.

(DE සිල්වා)