FAST NEWS

24×7 Around the Globe

ලලිත්ට හා අනුෂට ඇප සලකා බැලීම අද.

ඉකුත් ඡනාධිපතිවරණ සමයේදි රුපියල් මීලියන 600 ක මුදලක් අවභාවිත කරමින් සිල් රෙදි බෙදා දීමේ නඩුවට වරදකරුවන් කොට වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වු හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ  විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනාරාල් අනුෂ පැල්පිටට ඇප නියම කරන්නැයි කරමින් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම අද (14) කොළඹ මහාධිකරණයේදී සළකා බැලීමට නියමිතය.

පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට වරදකරුවන් කොට මෙම විත්තිකරුවන්ට රුපියල් ලක්‍ෂ 20 බැගින් දඩ සහ රුපියල් ලක්‍ෂ 50 බැගින් වන්දි නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමා ඔවුන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට ඇති හෙයින් එම ඇපෑල විමසා අවසන් කරන තෙක් තම සේවාදායකයින්ට ඇප නියම කරන ලෙස ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කොට තිබුණි.

(DE සිල්වා)