FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාවේ තනතුරු කිහිපයකින් මන්ත්‍රීවරු ඉවත් කෙරෙති..

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉවත් කිරීමට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා තීරණය කර තිබේ.

ඒ අනුව නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස චන්දන ජයනාත් මහතා සහ සභානායකවරයා වශයෙන් හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.

තනතුරුවලින් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන් පසුගිය දා 20 වන සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිතා කළ බවත් පැවසේ.

(DE සිල්වා)