FAST NEWS

24×7 Around the Globe

බොහෝ පළාත් වලට පස්වරු 2.00 න් පසුව වැසි..

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (13) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැක බවත් සඳහන්.

එසේම උතුරු-මැද පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ මි.මී 50 වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් ,අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

(DE සිල්වා)