FAST NEWS

24×7 Around the Globe

සම්මුතිවාදී ආණ්ඩුවේ මැති අමැතින්ට විදෙස් ගතවීම තහනම්..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන බන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිත බැවින් සම්මුතිවාදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විදෙස්ගත වීම තහනම් කර තිබේ.

එ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට මෙ පිළිබඳව ඊයේ (12) දිනයේ දැනුවත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එසේම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව දැනුම් දී ඇති බවද වාර්තා වේ.

(DE සිල්වා)