රටේ සියලුම ධීවර වරායන් අවුරුදු 30ක කාලයක් සඳහා රුපියල් කෝටි 169කට බදුදීමට ආණ්ඩුව සියළු පිඹුරුපත් සකසා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
“අපේ රටේ දැනට ධීවර වරායන් 20ක් තිබෙනවා. තවත් 10ක් හදන්න මූලික කටයුතු සිදුකර තිබෙනවා. එහෙම ගත්තාම ඔක්කොම 30ක්. රටේ භූමි ප්‍රමාණය වගේ අට ගුණයක් විශාල සාගර සම්පතක් තිබෙනවා. එය හරියට භාවිතා කරනවා නම් රටේ ආර්ථිකය ගොඩදාන්න ධීවර කර්මාන්තයට විතරක් හැකියාව තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා ධීවර ඇමතිව සිටියදී ලක්ෂ 17කට මාසිකව බදු දිය හැකි යැයි තක්සේරු කළ මෝදර ධිවර වරාය වසර 25ක් සඳහා 125 000කට බදු දී රජයට කෝටි 47ක පාඩුවක් කළා. එයම ඉදිරියට ගෙන යමින් වත්මන් ධිවර ඇමති මහින්ද අමරවිර මහතා රටේම තිබෙන ධීවර වරායන් හා නැංගුරම් පොළවල් සියල්ල පෞද්ගලික සමාගම්වලට බදු දීමට පසුගිය වසරේ ඔක්තෝබර්වල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපතිත් ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. දැනටමත් ත්‍රීකුණාමලයේ කොඞ්බේ වරායේ හා කල්පිටිය වරායේ මිනුම් කටයුතු ආරම්භ කරලා. මෙයින් රට ආර්ථික වශයෙන් අගාදයකට යනවා පමණක් නොව ධිවර පවුල් ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. වරාය සේවකයන්ට රැකියා නැති වෙනවා. විශාල ප්‍රශ්න රැසක් ඇති කරනවා. ඒ නිසා මේ උත්සාහය පරාජය කළ යුතුයි. “
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.